නියමිත පරිදි අගෝස්තු 31 වනදා වන විට ඇෆ්ගනිස්ථානයේ සියලුම ඇමෙරිකා හමුදා ඉවත් කර ගැනීමට කටයුතු කරන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා.
තලෙයිබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කර ගැනීමත් සමඟ එරට වැසියන් විශාල පිරිසක් කාබුල් ගුවන්තොටුපොළට එක්රැස්ව සිටිනවා. මේ වන විටත් සිවිල් වැසියන් විශාල පිරිසක් ඉවත් කර ගැනීමට විදෙස් රටවල් රැසක් සමත්ව තිබෙනවා. ඇමෙරිකාව හැත්තෑ හත්දහසකට වැඩි සිවිල් වැසියන් පිරිසක් මුදාගෙන ඇති බවයි ජෝ බයිඩ්න් පවසන්නේ. කෙසේ වෙතත් ඇෆ්ගනිස්තානයෙන් ඇමෙරිකා හමුදා ඉවත් කර ගැනීම ලබන 31 වනදා සිදු කර ගැනීම සම්බන්ධයෙන් රටවල් රැසක්ම එම කාලසීමාව දීර්ඝ කර ගැනීම සඳහා ඇමෙරිකාවෙන් ඉල්ලීම් කර තිබුණා. එවැනි අවස්ථාවකයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ.
මේ අතර ඇමෙරිකාවේ CIA සංවිධානයේ ප්‍රධානියා සහ තලෙයිබාන් සංවිධානයේ නායකයා අතර රහසිගත සාකච්ඡාවක්ද සිදු කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.
The post 31 වනදා වන විට ඇෆ්ගනිස්ථානයේ සිටින සියලුම ඇමෙරිකා හමුදා ඉවත්කර ගන්නා බව බයිඩ්න් කියයි appeared first on ITN News.
Post a Comment