කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත්කරණ කටයුතු සඳහා ගිලන් රථ තුනක් භාරදීමට ශ්‍රී ලංකා රතු කුරුස සමාජයෙන් පියවර ගත්තා.
ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අරුණ ලේකම්ගේ මහතා මෙම ගිලන් රථ භාර දුන්නා.
මේ අතර අනුරාධපුර ශික්ෂණ රෝහලට දිනපතා ඇතුලු කර ගන්නා කොරෝනා ආසාදිතයන්ට අවශ්‍ය කෙරෙන කෘතිම ශ්වසන යන්ත්‍ර ඇතුලු වෛද්‍ය උපකරණ තොගයක් අනුරාධපුර නගරයේ තරුණ ව්‍යාපාරිකයන් පිරිසක් පරිත්‍යාග කළා. අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා වෙත මේවා භාරදී තිබෙනවා.
නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පිරිස් සුව වූ පසු නොමිලේ ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන යාම සඳහා ප්‍රවාහන පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙළක් කළුතර ප්‍ර දේශයේ ෆේස්බුක් සමූහයක් මගින් ආරම්භ කර තිබෙනවා. මෙම සේවාව ඉදිරියේ දී දිවයින පුරා ක්‍රියාත්මක කිරීම ඔවුන්ගේ සැලැස්මයි.
The post කොළඹ එන්නත්කරණ කටයුතු සඳහා රතු කුරුස සමාජයෙන් ගිලන් රථ පරිත්‍යාගයක් appeared first on ITN News.
Post a Comment