ඇෆ්ගනිස්තානයේ රැඳී සිටින පිරිස් මුදා ගැනීම සඳහා පැමිණි ගුවන් යානයක් පැහැර ගත් බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ඉරානය පවසනවා.
ඇෆ්ගනිස්තානයේ සිර වී සිටින යුක්රේන ජාතිකයින් මුදා ගැනීම සඳහා පැමිණි යුක්රේනයට අයත් ගුවන් යානයක් පැහැරගෙන ඇති බවට ඉරානයට චෝදනා එල්ල වී තිබෙනවා. හඳුනා නොගත් ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ගුවන් යානය පැහැර ගත් බවයි වාර්තා වුණේ. එමෙන්ම එම ගුවන් යානය ඉරානය වෙත රැගෙන ගොස් ඇති බව රුසියාවේ ටාස් පුවත් සේවය වාර්තා කර තිබුණා. මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව ඉරානය පවසනවා.
The post ඇෆ්ගනිස්තානයට පැමිණි ගුවන් යානයක් පැහැර ගත් බවට එල්ල වන චෝදනා ඉරානය ප්‍රතික්ෂේප කරයි appeared first on ITN News.
Post a Comment