නට සිදුවී ඇති කොවිඩ් මරණ වලින් 91%ක් එන්නත් ලබානොගත් පුද්ගලයින් බවත් ප්‍රමාද කිරීම පසුතැවිලි වීමට හේතුවිය හැකි බැවින් නොපමාව එන්නත් ලබාගන්නා ලෙස වැඩබලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා පවසයි.
”නිරෝධායන ඇදිරිතිය කාටද, කෙසේද”, යන මැයෙන් අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී කරුණු පැහැදිළි කරමින් වෛද්‍ය ගිනිගේ මහතා මේ බව
අනාවරණය කළා.
මේ වන විටත් වයස අවුරුදු 60ට වැඩි ඉතාම සුළුතරයක් එන්නත් ලබාගෙන නොමැති බවත් මෙය ගැටලුවක් වන බැවින් 60ට වැඩි පුද්ගලයින් සඳහා රටේ බොහෝ ස්ථානවල වෙනමම එන්නත්කරණ මධ්‍යස්ථාන පිහිටුවමින් එන්නත්කරණය තවදුරටත් රජය විසින් සිදුකරන අතර, 60ට වැඩි සියලුදෙනා හැකි ඉක්මණින් එන්නත් ලබාගැනීමට යොමුවීම වැදගත් බවත් විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා වැඩිදුරටත් කියා සිටියා.
එන්නත්කරණයෙහි ප්‍රධාන අරමුණු දෙක වනුයේ, මරණ අඩුකරගැනීම සහ රෝග සම්ප්‍රේෂණය අඩුකරගැනීම බව සිහිපත් කළ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා, කොවිඩ් මරණ වලින් 77%ක්ම සිදුවන්නේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් අතර බව මෙහිදී පෙන්වා දුන්නා.
අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයන්ගේ මරණ ප්‍රතිශතය 22%ක් බවද, 65% – 70% පමණ මරණ සිදුවී ඇත්තේ නිදන්ගත රෝග ඇති අය බවද, කොවිඩ් මරණ සදහා වැඩි අවධානමක් ඇත්තේ වයස 60ට වැඩි පුද්ගල කාණ්ඩයේ වන බැවින් ඔවුන් සියලුදෙනා අනිවාර්යයෙන්ම එන්නත්කරණයට යොමුවිය යුතු බවත් ඒ් මහතා සඳහන් කළා.
එන්නත් එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පුද්ගලයින්ගේ සිදුව ඇති මරණ ප්‍රතිශතය 2%ක් බවද, 1%ක් වැනි ඉතාම සුළු පිරිසක් එන්නත් මාත්‍රා 02 ලබාගත් අයගෙන් මියගොස් සිටිය ද ඔවුන්ටද වෙනත් ආබාධ ඇති අය බවත් සඳහන්.
සැප්තැම්බර් මුල් සතිය වන විට 30ට වැඩි සෑම කෙනෙකුටම එන්නත් මාත්‍රා 02 ලබාදීම ඉලක්කය බවද, මේ වන විට 30ට වැඩි ජනගහණය 48%කට දෙවන මාත්‍රාව ලබාදී ඇති අතර ඉදිරි සති දෙක තුන තුළ මිලියන 11.5ක් එනම් සමස්ත ජනගහණයෙන් 50%ට මදක් ඉක්මවූ අගයක් ගන්නා 30ට වැඩි සමස්ත අය සදහා 100%ක් සදහා දෙවන මාත්‍රාව ලබාදෙන බව විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා අවධාරණය කළා.
දැනට රටක් වශයෙන් මුළු ජනගහණයෙන් 55%කට මේ වන විට එන්නත් එක් මාත්‍රාවක්ද, 25%ට මාත්‍රා 02 ලබාදී අවසන් බවද, ප්‍රමාද කිරීම පසුතැවිලි වීමට හේතුවිය හැකි බැවින් දරුවන්ද තම යුතුකමක් ලෙස සළකා නොපමාව තම වැඩිහිටි දෙමාපියන් එන්නත්කරණයට යොමුකරන ලෙසත් ඒ් මහතා වැඩිදුරටත් පැවසුවා.
The post ප‍්‍රමාදවීම පසුතැවිල්ලට හේතුවක් – නොපමාව එන්නත ලබාගන්න appeared first on ITN News.
Post a Comment