Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වරායේ හිරවුනු සීනිත්, අනවසර ගබඩාවල ඇති සීනිත් මුදා ගන්න මෙහෙයුම්  

Add comments

වරායේ සිර වී ඇති සීනි තොග කඩිනමින් නිදහස් කර සීනි අර්බුදයට විසදුම් ලබාදෙන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

මේ අතර අනවසර ගබඩාවල සඟවා ඇති සීනි තොගද කඩිනමින් සොයාගෙන සීනි හිඟය මඟහැරවීම රජයේ අපේක්ෂාවයි.

දැනට වෙළදපොලේ සීනි කිලෝ ග්‍රෑමයක තොග මිල රුපියල් 220ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආනයනික සීනි කිලෝග්‍රෑමයක් මත පනවා තිබූ රුපියල් 50ක බද්ද පසුගිය ඔක්තෝබර් 13වනදා ශත 25ක් දක්වා අඩුකිරීමට රජය තීරණය කළා. ඒ වනවිට සීනි කිලෝග්‍රෑමයක මිල පැවතියේ රුපියල් 100- 105ත් අතරයි. නමුත් ගතවූ සති කිහිපයේදී සිනි මිල ඝීග්‍ර ලෙස ඉහළ ගියා. ඒ අනුව සීනි කිලෝග්‍රෑමයක් අලෙවි වුණේ රුපියල් 220-ත් 250ත් අතර මිලකටයි.

මෑතකදී නිකුත් කළ ගැසට් පත්‍රයක් මගින් සීනි ආනයනකරුවන් තම ගබඩා පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කර තිබුණා. නමුත් එලෙස ලියාපංදිචි කිරීමකින් තොරව ඇතැම් ආනයනකරුවන් සීනි සඟවා තැබීම හේතුවෙන් වෙළදපොළේ සීනි මිල අධික ලෙස ඉහළ ගිය ආකාරයක් පසුගිය කාලයේ දක්නට ලැබුණු බවයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

මෙවන් පසුබිමක ඊයේ දිනයේදී සීනි මෙට්‍රික් ටොන් 500කට ආසන්න ප්‍රමාණයක් පාරිභොගික අධිකාරිය මගින් සොයා ගත්තා. පසුව එය මුද්‍රා තැබීමටද කටයුතු කෙරුණා.

මේ අතර සීනි කන්ටේනර් 600කට ආසන්න ප්‍රමාණයක් කාලයක් තිස්සේ කොළඹ වරායේ සිරවී ඇති බව සීනි ආනයනකරුවන් පවසනවා. එම සීනි ප්‍රමාණය මෙට්‍රික්ටොන් 12,000ක්. මේ සබන්ධයෙන් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සදහන් කළේ රදවාගෙන ඇති සීනි තොගය ලංකා සතොසට ලබා ගැනීමට කටයුතු කරන බවටයි.

සතොස සහ සමුපාකාර අලෙවිසැල් මගින් ලබන බදාදා සිට රුපියල් 130කට ලබා ගත හැකි බවට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඊයේ සදහන් කළා.

නමුත් අද දිනයේ සිටම ඇතැම් සතොස සහ සමුපාකාර අලෙවිසැල් මගින් දුඹුරු සීනි රුපියල් 130 මිලකට අලෙවි කරනු දක්නට ලැබුණා.

මේ අතර උක් ශාකයේ නව ප්‍ර භේද හදුන්වා දෙමින් සීනි නිෂ්පාදනය වැඩි කිරීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව ලංකා සීනි සමාගම පවසනවා. එහි විධායක නිලධාරී ගාමිණි රාසපුත්‍ර මහතා පවසන්නේ උක් පර්යේෂණ ආයතනය සමඟ සාකච්ඡා කර මෙම වැඩපිළිවෙළ ආරම්භ කළ බවයි. ඒ උක් ශාකයේ ප්‍රමාණය විශාල කර සීනි නිෂ්පාදනය දෙගුණ කිරීමෙන්. මෙරට සීනි අවශ්‍යතාවෙන් ලංකා සීනි සමාගම සපයනු ලබන්නේ සියයට දහයක ප්‍රමාණයක්. ඒ සෙවණගල සහ පැල්වත්ත සීනි කම්හල්වලින්. ඉතිරි සියයට අනූවම විදේශ රටවලින් ආනයනය කරනවා. බ්‍රසීලය, ඉන්දියාව, පාකිස්ථානය ආදි රටවලින් සීනි ආනයනය කළද කොවිඩ් බලපෑම හමුවේ එම රටවල නිෂ්පාදන ධාරිතාවද පහත වැටී තිබෙනවා. මේ දිනවල බොහෝ දෙනා නිවෙස්වලම රැදී සිටීම හේතුවෙන් සීනි පරිභෝජනයද ඉහළ ගොස් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

 

The post වරායේ හිරවුනු සීනිත්, අනවසර ගබඩාවල ඇති සීනිත් මුදා ගන්න මෙහෙයුම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG