නිකුත් කර ඇති අධිඅවදානම් නිවේදන ද නොතකමින් විශාල පිරිසක් ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර වෙත පැමිණෙමින් සිටින බව වාර්තා වනවා.
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි ගුවන්තොටුපල වෙත පැමිණීමෙන් වළකින්නැයි ඇමෙරිකාව බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවක් එරට ජීවත්වන තම වැසියන්ට දැනුම් දී තිබෙනවා. එම අවදානම් නිවේදන ද නොතකමින් තලෙයිබාන් ග්‍රහණයෙන් මිදී එන පිරිස් තවදුරටත් කාබුල් ගුවන්තොටුපල පරිශ්‍රය වෙත එක්රොක් වෙමින් සිටිනවා. කාබුල් ගුවන්තොටුපල වෙත එල්ල විය හැකි ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ අනාවරණය වීමත් සමඟින් ඇෆ්ගනිස්ථානයේ සිරවී සිටි පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් බරපතල අර්බුදයකට මුහුණපා තිබෙන බවයි පැවසෙන්නේ.
The post අධිඅවදානම් නිවේදන ද නොතකමින් විශාල පිරිසක් කාබුල් අගනුවරට appeared first on ITN News.
Post a Comment