ඇෆ්ගනිස්ථානයේ කාබුල් ගුවන්තොටුපලට ආරක්ෂක අවදානමක් පවතින බැවින් එම පරිශ්‍රයෙන් ඉවත් වී සිටින ලෙස ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය තම පුරවැසියන්ට දැනුම් දී තිබෙනවා.
ඇෆ්ගනිස්ථානයේ සිටින සියලුම විදේශ හමුදා මේ මස 31 වනදා වන විට නියමිත පරිදි ඉවත් කරගත යුතු බවයි තලෙයිබාන් සංවිධානය දැනුම් දී තිබෙන්නේ. කාබුල් ගුවන්තොටුපලට ඇති අවදානම කුමක්ද යන්න අමෙරිකාව හෝ බ්‍රිතාන්‍ය මෙතෙක් පැහැදිලි කර නැහැ.
කෙසේ නමුත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති බව මීට පෙර අදාළ රටවල් දැනුම් දී තිබුණා.
තලෙයිබාන් සංවිධානය බලයට පැමීණීමෙන් අනතුරුව කාබුල් ගුවන්තොටුපලේ සිට මේ වන විට පුද්ගලයින් අසූ දහසකට වැඩි සංඛ්‍යාවක් මුදවාගත් බවයි අමෙරිකාව පවසන්නේ.
The post ඇෆ්ගනිස්ථානයේ කාබුල් ගුවන්තොටුපලට ආරක්ෂක අවදානමක් appeared first on ITN News.
Post a Comment