Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව නිර්දේශ සහ තීරණ ඉදිරිපත් කිරීමට උපදේශක මණ්ඩලයක්   

Add comments

1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ 13 වන වගන්තිය අනුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් උපදේශක මණ්ඩලයක් පත් කර ඇතැයි ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා පවසයි.

හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා මහතාගේ සභාපතිත්ව‍යෙන් යුත් මෙම උපදේශක මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර් හෙයියන්තුඩුව සහ විශ්‍රාමලත් සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් යන මහත්වරු පත් කර සිටිති.

ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සිරදඬුවම් විදින සහ රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ පසුවන පුද්ගලයන් පිළිබඳව සොයා බැලීම, නිදහස් කිරීම, ඇප ලබාදීම ඇතුළු ඉදිරි තීරණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිර්දේශ සහ උපදෙස් ලබාදීම මෙම මණ්ඩලයෙන් අපේක්ෂා කෙරේ.

දීර්ඝ කාලයක සිට උපදේශක මණ්ඩලයක් පත් කර නොතිබීම හේතුවෙන් මෙතෙක් සිරගතව සිටින පිරිසට තමන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරිමට අවස්ථාවක් නොතිබිණ.

මෙම උපදේශක මණ්ඩලය පත් කිරීමත් සමග එම සිරකරුවන්ට ඔවුන්ට ඇති ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවන බව හරිගුප්ත රෝහනධීර මහතා පවසයි.

The post ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව නිර්දේශ සහ තීරණ ඉදිරිපත් කිරීමට උපදේශක මණ්ඩලයක්  appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG