Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නවසීලන්තයේ සංචරණ සීමා කාලසීමාව දීර්ඝ කෙරේ  

Add comments

නවසීලන්තයේ සංචරණ සීමා කාලසීමාව දීර්ඝ කිරීමට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් තීරණය කර තිබෙනවා.

කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය සිඝ්‍රයෙන් පැතිර යාමත් සමඟයි මෙම තීරණය ගෙන ඇත්තේ. ඒ අනුව දින තුනක් සඳහා පනවා තිබු සංචරණ සීමා ලබන 31 වන දා දක්වා පැනවීමටයි තීරණය කෙරුණේ. නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර ඩෙල්ටා වයිරස් ප්‍රභේදයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබෙනවා.

පසුගිය දින කිහිපයේදී පමණක් කොරෝනා ආසාදිතයින් 100 දෙනෙකුට වැඩි පිරිසක් හඳුනා ගැනුණා. නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් පවසන්නේ ඩෙල්ටා වයිරසය ආසාදිත පුද්ගලයින් රැසක් රට පුරා වාර්තා වී ඇති බවයි. එමෙන්ම ස්ථාන 320 කින් පමණ මේ වන විට ආසාදිතයින් හඳුනාගෙන ඇති අතර කොරෝනා වයිරසය ආසාදනයවූවන්ගේ ආශ්‍රිතයින් 13,000කට වැඩි පිරිසක් හඳුනාගෙන ඇති බවද ඇය සඳහන් කළා. ඒ අනුව ඉදිරි සති කිහිපයද රට වසා තැබෙන අතර අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක බවයි අග්‍රාමාත්‍යවරිය පවසන්නේ.

 

 

 

The post නවසීලන්තයේ සංචරණ සීමා කාලසීමාව දීර්ඝ කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG