සඳ හිරු සෑයේ චූඩා මාණික්‍යය සහ කොත් වහන්සේ ප්‍රදර්ශනය කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී ආරම්භ වුණා.
මෙම පූජනීය වස්තු රැගත් රථ පෙරහැර මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණීමෙන් අනතුරුවයි චූඩා මාණික්‍යය සහ කොත්වහන්සේ ප්‍රදර්ශනය ආරම්භ කෙරුණේ. ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජී ස්වාමීන් වහන්සේ ආගමික වතාවත් පැවැත්වූවා.
ලබන 8 වනදා දක්වා චූඩා මාණික්‍යය හා කොත් වහන්සේ වැදපුදා ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමිවනවා. ඉන් අනතුරුව එම වස්තූන් රැගත් පෙරහැර දින 47 ක සංචාරයකින් පසු සඳහිරු සෑ පරිශ්‍රයට ළගාවීමට නියමිතයි.
මෙම පුණ්‍ය කර්මයේ ප්‍රධාන පුරෝගාමියෙකු වන ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ද මෙම පූජාවස්තු වන්දනාමාන කර ගත්තා.
The post සඳ හිරු සෑයේ චූඩා මාණික්‍යය සහ කොත් වහන්සේ ප්‍රදර්ශනය ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment