Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වුහාන් නගරයේ වැසියන් කොරෝනා පරීක්ෂණයට ලක් කිරීම ඇරඹෙයි  

Add comments

කොරෝනා වයිරස ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ වුහාන් නගරයේ වැසියන් කොරෝනා පරීක්ෂණයට ලක් කිරීම ආරම්භ කර තිබෙනවා.

වසරකට පමණ පසු වූහාන් නගරයෙන් කොරෝනා වයිරස ආසාදිතයින් හත් දෙනෙකු හමුවීමත් සමඟයි මෙම පියවර ගෙන තිබෙන්නේ. අද දිනයේ ද වූහාන් නගරයෙන් නව ආසාදිතයින් තුන් දෙනෙකු හමුව ඇති බවයි වාර්තා වන්නේ. ඒ සමඟම වූහාන් නගරයේ වෙසෙන මිලියන 11 ක් පමණ වන නගර වැසියන් සියලු දෙනා කොරෝනා පරීක්ෂණයට යොමු කිරීමට නියමිතයි. 2019 වසරේ දී වයිරස ව්‍යාප්තිය වූහාන් නගරයෙන් ආරම්භ වුවද ඉතා කෙටි කලක් ඇතුළත නගරය තුළ වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ සමත් වුණා. එහෙත් ඩෙල්ටා ප්‍ර භේදය ලොව පුරා ව්‍යාප්ත වීමත් සමඟ වූහාන් නගරයෙන් යළිත් වරක් ආසාදිතයින් හමුව තිබෙනවා.

 

The post වුහාන් නගරයේ වැසියන් කොරෝනා පරීක්ෂණයට ලක් කිරීම ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG