ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (03) පෙරවරුවේ අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
යුද හමුදා මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි ජනාධිපතිතුමා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පිළිගනු ලැබූ අතර
ජනාධිපතිතුමා වෙත විශේෂ හමුදා උත්තමාචාර ද පිළිගැන්විණ.
මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ මහතා ගුවන් සංග්‍රාමික බල සේනාවේ ඉදිරි සැලසුම් පැහැදිලි කරනු ලැබීය. එම තොරතුරු ඇතුළත් ග්‍රන්ථය සහ ජනාධිපතිතුමාගේ චාරිකාව සනිටුහන් කරමින් සමරු තිලිණ ප්‍රදානය හමුදාපතිතුමා විසින් සිදු කෙරිණ. ගුවන් සංග්‍රාමික බල සේනාවේ විද්‍යුත් ග්‍රන්ථය අන්තර්ජාලයට එක් කළ ජනාධිපතිතුමා යුද හමුදා මූලස්ථානයේ “ක්‍රියාන්විත මෙහෙයුම් මැදිරිය” ද විවෘත කරනු ලැබීය.
කෞතුකාගාරය ඇතුළු යුද හමුදා පරිශ්‍රයේ ස්ථාන රැසක් ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය. ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික ප්‍රධානීන් සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් පසු
ජනාධිපතිතුමා විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරු සහ යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

The post ජනපති අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක appeared first on ITN News.
Post a Comment