Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකාවට ලබාදෙන සහයට විදේශ ඇමතිගෙන් යුරෝපා සංගමයට ප‍්‍රසාදය  

Add comments

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගීතාව සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා අදාළ අංශ සමග සාකච්ඡා කළා.

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ තානාපති ඩෙනිස් වයිබි මහතා සහ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා. කොරෝනා අභියෝග ජයගැනීම සදහා යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයා මෙහිදී යුරෝපා සංගමයට ප්‍රසාදය පළ කළා.

එක්සත් පර්ල් නෞකා අනතුර සමග ශ්‍රී ලංකාවේ ආපදා සූදානම ඉහළ නැංවීම සම්බන්ධයෙන් සහාය ලබා දුන් බව යුරෝපා සංගම් තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කලා. යුරෝපා සංගම් ශ්‍රී ලංකා වෙළෙද සබදතාවල වැදගත්කම අමාත්‍යවරයා අවධාරණය කළා. රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක් වුණා.

 

 

The post ශ්‍රී ලංකාවට ලබාදෙන සහයට විදේශ ඇමතිගෙන් යුරෝපා සංගමයට ප‍්‍රසාදය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG