රට වසා දැමීම කොවිඩ් වසංගතය පාලනයට තිරසර විසඳුමක් නොවන බව ඕස්ට්‍රේලියා අගමැති ස්කොට් මොරිසන් පවසනවා.
එරටින් වසංගතය තුරන් කිරීම සඳහා නව සැලසුම වන්නේ වෛරසය සමඟ ජීවත්වීමේ මාවතක් සැකසීම බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා. ඊයේ දිනයේ දී පමණක් එරටින් නව ආසාදිතයන් 915 දෙනෙක් හඳුනාගත් අතර 900 ඉක්මවා දෛනික ආසාදිතයන් වාර්තා වූ පළමු අවස්ථාව ද එය වනවා. ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා නගර රැසක් වසා දමා ඇති අවස්ථාවක පසුගියදා රට වසා දැමීමට එරෙහිව එරට වැසියන් උද්ඝෝෂණ ද ආරම්භ කළා. ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ රට වසා දැමීම නිසා ජනතාවට සහ ව්‍යාපාරවලට සිදුවී ඇති බලපෑම තමා හඳුනාගෙන ඇති නමුත් මේ මොහොතේ රට වසා දැමීම අත්‍යවශ්‍ය බවයි. රටේ පවතින සීමා ඉවත් කිරීමත් සමඟ වෛරසය ආසාදනයවූවන්‌ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බැවින් ඒ සඳහා සූදානම් වී සිටින ලෙසද ඕස්ට්‍රේලියානු අගමැතිවරයා ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.
The post රට වසා දැමීම කොවිඩ් පාලනයට තිරසර විසඳුමක් නොවන බව ඕස්ට්‍රේලියා අගමැති කියයි appeared first on ITN News.
Post a Comment