Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදේශගතවන්නන්ට කොවිඩ් එන්නත් සහතිකය ලබාගැනීමට Online පහසුකම්  

Add comments

විදෙස් ගත වීමට අපේක්ෂා කරණ සාමාන්ය ජනතාව සඳහා කොවිඩ් -19 එන්නත් ලබාගත් බවට සහතිකයක් මාර්ගගතව (online) ලබාගැනීමට අගෝස්තු 25 දින සිට පහසුකම් සැලසෙන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කරනවා.
සෞඛ්ය අමාත්යාංශය සහ ලෝක සෞඛ්ය සංවිධානය සමඟ සහයෝගයෙන් මෙය ක්රියාත්මක කෙරේ.මෙම එන්නත් සහතිකයේ විද්යුත් පිටපතක් ලබා ගැනීම සඳහා https://covid-19.health.gov.lk/certificate/ අන්තර්ජාල ද්වාරය වෙත පිවිසිය යුතුයි.මාර්ගගත ද්වාරය වෙත ප්රවේශ වීමෙන් පසු ජාතික හැඳුනුම්පත් අංකය හෝ , විදේශ ගමන් බලපත්ර අංකය, එන්නත් කාඩ්පත් විස්තර, විදේශ ගමන් විස්තර සාක්ෂි සහ අදාළ පුද්ගලික දත්ත විස්තර ඇතුළත් කළ යුතුය.
අදාළ විස්තර සාර්ථකව ඇතුළත් කිරීමෙන් පසු, එන්නත් සහතිකයේ මෘදු පිටපතක් (PDF පිටපතක් ) ලබාගැනීමට ඉල්ලුම්කරුට හැකි වේ. එය අවශ්ය වූ විට සහතිකයේ මුද්රණ පිටපතක් ලෙසද අදාළ අංශවෙත ඉදිරිපත් කළ හැකිය.
මෙම මාර්ගගත ක්රමය මඟින් එන්නත් සහතිකයේ මුද්රණ පිටපත් එකතු කිරීම සඳහා ඇති සෞඛ්ය කාර්යාල වෙත ශාරීරිකව යෑමෙන් ඇති වන අපහසුතා මඟහරවා ගැනීමට හැකිවේ. මේ අනුව ඔබට ඔබේම නිවසේ සිට පහසුවෙන්ම එන්නත් සහතිකය ලබා ගත හැකිය.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, සෞඛ්ය අමාත්යාංශය සහ ලෝක සෞඛ්ය සංවිධානය සමඟ එක්ව හඳුන්වා දුන් මෙම කොව්ඩ් 19 එන්නත් සහතිකය කාලෝචිත පියවරක් බව තාක්ෂණ අමාත්යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා සඳහන් කරයි.

The post විදේශගතවන්නන්ට කොවිඩ් එන්නත් සහතිකය ලබාගැනීමට Online පහසුකම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG