චීනය එරට ජනතාව සදහා වයිරසයට එරෙහි එන්නත් බිලියන දෙකයි දශම එකක් මේ වන විට ලබා දි ඇති බව චීන ජාතික සෞඛ්‍ය කොමිසම සදහන් කරනවා.
වයිරස ව්‍යාප්තිය මැඩලීම සදහා චීනය එන්නත් මාත්‍රා කෝටි දෙසිය දහයකට අධික සංඛ්‍යාවක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. ඒ සදහා එරට පළාත් තිස් එකක පිහිටි කර්මාන්තශාලා තුලදී එන්නත් නිෂ්පාදනය කර තිබෙනවා. මේ වන විට වයස අවුරුදු 12 ත් 17 ත් අතර දරුවන්ටද එන්නත් ලබාදීමට පියවර ගෙන ඇති බවයි චීන සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ. එමගින් දැනට පවත්නා වයිරස ව්‍යාප්තියද පාලනය කළ හැකි බවට ඔවුන් විශ්වාසය පළ කරනවා. චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත වැඩිදියුණු කරමින් තවත් එන්නත් හතරක් හදුන්වාදීමටද චීනය ඊයේ පියවර ගත්තා.
The post චීනය එරට ජනතාවට එන්නත් බිලියන 2.1 ක් ලබා දී අවසන් appeared first on ITN News.
Post a Comment