Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගිනියා රාජ්‍යයේ බලය තමන් අත්පත් කර ගත් බව එරට හමුදාව නිවේදනය කරයි  

Add comments

ගිනියා රාජ්‍යයේ බලය තමන් අත්පත් කර ගත් බව එරට හමුදාව නිවේදනය කරනවා.

ගිනියාවේ ජාතික රූපවාහිනී නාලිකාවේ නිවේදනයක් සිදු කරමින් එරට හමුදාවේ ප්‍රධානියෙකු මේ බව ප්‍රකාශ කර තිබෙනවා. ගිනියා ජනාධිපති ඇල්ෆා කොන්ඩේ තම ග්‍රහණයේ පසුවන බවයි හමුදාව නිවේදනය කරන්නේ. එරට ජනාධිපති මන්දිරය අවට ගිනි අවි රැගත් හමුදා සෙබළුන් සැරිසරන ආකාරයද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. පැය කිහිපයක් පුරා වෙඩි හුවමාරුවක්ද පැවති බවයි වාර්තා වන්නේ. කෙසේ වුවද එරට ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ජනාධිපතිවරයා ග්‍රහණයට ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ කළ බවයි. ඔහු ජනාධිපති ආරක්ෂක අංශ සමඟ පසුවන බවද එහි සඳහන්.

 

 

The post ගිනියා රාජ්‍යයේ බලය තමන් අත්පත් කර ගත් බව එරට හමුදාව නිවේදනය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG