ගත වූ පැය 24 ට ලොව පුරා රටවල් 221 ක් අතරින් වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ රුසියාවෙන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.
ඊයේ දිනයේදී රුසියාවෙන් කොරෝනා මරණ 790ක් වාර්තා වී තිබෙනවා. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ බ්‍රිතාන්‍යයෙන්. එම සංඛ්‍යාව 42,000 කට ආසන්නයි. ඒ සමගම එරට සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 70 ඉක්මවා ගියා. මේ අතර ලොව පුරා රටවලින් හමු වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව විසි දෙකෝටි දහ නව ලක්ෂ හැත්තෑ පන්දහස ඉක්මවා තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව හතලිස් පන් ලක්ෂ අසූ අටදහස් හත්සිය අනූ පහක්.
The post ගත වූ පැය 24 ට වැඩිම කොරෝනා මරණ රුසියාවෙන් appeared first on ITN News.
Post a Comment