Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රු. මිලියන 3100 කට අධිකයි (video)  

Add comments

රුපියල් මිලියන 3100 කට අධික වටිනාකමක් ඇති හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශීය ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගන්න නාවික හමුදාව සමත්වුණා.

විදේශිකයන් 7 දෙනෙක් සමඟ අත්අඩංගුවට ගත්ත මේ හෙරොයින් තොගය කිලෝග්‍රෑම් 336 කට අධිකයි.

නාවික හමුදාව,  පොලිසිය හා අනෙකුත් බුද්ධි අංශ සමග එක්ව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමකදීයි හෙරොයින් තොගය සමග සැකකරුවන් 7 දෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් හා හෙරොයින් තොගය කොළඹ වරාය වෙත රැගෙන ඒමට කටයුතු කෙරුණා. එය නිරීක්ෂණයට ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න හා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න යන මහත්වරුද එක්ව සිටියා. පාර්සල් 301 ක අසුරා තිබූ මෙම හෙරොයින් තොගය කිලෝග්‍රෑම් 336 යි ග්‍රෑම් 300 ක් වන බවයි නාවික හමුදාව සදහන් කළේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බහුදින ධීවර කටයුතු සිදු කරන මුවාවෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සිදුකර තිබෙනවා. සැකකරුවන් හා මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හා ඉදිරි නීතිමය කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා නාවික හමුදාව එක්ව සිදු කිරීමටයි පියවර ගෙන ඇත්‌ෙත්. මෙම මෙහෙයුම සාර්ථක කර ගැනීමට දායකත්වය දැක්වූ සියලු දෙනාගේ සේවය ආරක්ෂක ලේකම්වරයාගේ ඇගයීමට ලක්වුණා.

 

 

 

 

The post අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රු. මිලියන 3100 කට අධිකයි (video) appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG