ප්‍රංශය පනවා ඇති නව සෞඛ්‍ය රෙගුලාසිවලට විරෝධය පල කරමින් පැරිසිය පුරා විරෝධතා පැවැත්වෙනවා.
ප්‍රංශ රජය හඳුන්වා දුන් නව සෞඛ්‍ය රෙගුලාසිවලට විරෝධය පල කරමින් මේ වනවිට මාස දෙකක කාලයක් පුරා අඛණ්ඩව විරෝධතා පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. එරට ජනාධිපති එමානුවෙල් මැක්රෝන්හට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසයි උද්ඝෝෂකයින් ඉල්ලා සිටින්නේ. මත්පැන් අලෙවිසැල් , අවන්හල් , ආපනශාලා , කෞතුකාගාර හා ක්‍රීඩාගාර ඇතුලු ස්ථාන රැසකට ඇතුළුවීමට නම් එන්නත් ලබාගත් බවට වන සහතිකය ඉදිරිපත් කළ යුතු වනවා. එය තමාගේ අයිතිවාසිකම් උල්ළංඝනය කිරීමක් බවයි විරෝධතාකරුවන් පවසන්නේ. විරෝධතා අතරතුරදී පොලිසිය හා ගැටුම් ද හටගත්තා. එහිදී පිරිසක් අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.
The post නව සෞඛ්‍ය රෙගුලාසිවලට විරෝධය පල කරමින් පැරිසිය පුරා විරෝධතා appeared first on ITN News.
Post a Comment