Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

න්‍යෂ්ටික සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව ඉරාන නව ජනපති කියයි  

Add comments

න්‍යෂ්ටික සාකච්ඡා ආරම්භ කිරීමට තමන් සූදානම් බව ඉරාන නව ජනාධිපති ඊබ්‍රහිම් රයිසි පවසනවා.එසේම කිසිඳු වෙලාවක බටහිර බලවේගවලට යටත් නොවන බවයි ඉරාන ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

2015 වසරේදී ලෝක බලවතුන් හා එළඹි න්‍යෂ්ටික ගිවිසුම ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට තම රට සූදානම් බව ඉරාන ජනාධිපතිවරයා පවසනවා. එහෙත් ඇමෙරිකාවේ අනවශ්‍ය බලපෑම්වලට අනුගතව ක්‍රියා කිරීමට තමන් සූදානම් නොමැති බවයි ඔහු සඳහන් කරන්නේ. තවද සාකච්ඡා යළි ආරම්භ කිරිමට නම් ඇමෙරිකාව තම රටට පනවා ඇති සම්බාධක ඉවත් කර ගත යුතු බවද ජනාධිපතිවරයා තවදුරටත් නිවේදනය කරනවා. පසුගිය වසරේදී ඉරානයේ පැවති ජනාධිපතිවරණයෙන් ඊබ්‍රහිම් රයිසි එරට ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරුව ප්‍රංශය, ජර්මනිය ඇතුළු ලෝක බලවතුන් රැසක් න්‍යෂ්ටික සාකච්ඡා යළි ආරම්භ කරන ලෙස බලකර සිටියා.

මේ අතර ඉරානය යුරේනියම් නිෂ්පාදනය 20%කින් පමණ වැඩි කර ඇති බවට ජගත් සංවිධානය චෝදනා කරනවා. එහෙත් තම න්‍යෂ්ටික වැඩපිළිවෙළ ඉතාමත් සාමකාමී හා රටට බලශක්තිය නිෂ්පාදනය කරන ක්‍රියාවලියක් පමණක් බවයි ඉරානය සඳහන් කරන්නේ.

 

The post න්‍යෂ්ටික සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව ඉරාන නව ජනපති කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG