Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දුනීසියාවේ බන්ධනාගාරයක ගින්නකින් 41 දෙනෙකු ජිවිතක්ෂයට  

Add comments

ඉන්දුනීසියාවේ බන්ධනාගාරයක ඇති වූ ගින්නකින් රැදවුවන් 41 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිය ගිය පුද්ගලයින්ගෙන් දෙදෙනෙකු දකුණු අප්‍රිකා හා පෘථිග්‍රීසි ජාතිකයන් බව සදහන්. ඉන්දුනිසියාවේ බැන්ටෙන් ප්‍රාන්තයේ පිහිටා ඇති බන්ධනාගාරයකයි මෙම ගින්න හටගෙන ඇත්තේ. ගින්නෙන් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හට ගන්නට ඇති බවටයි සැක පල කෙරෙන්නේ. බන්ධනාගාරයෙන් ධාරිතාව ඉක්මවා රැදවුවන් සිටින බවද වාර්තා වනවා.

අලුයම එකයි හතලිස් පහට පමණ ගින්න හටගෙන ඇති බව එරට නීතිය හා මානව අයිතිවාසිකම් අමාත්‍යංශය නිවේදනය කරනවා.

 

 

The post ඉන්දුනීසියාවේ බන්ධනාගාරයක ගින්නකින් 41 දෙනෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG