Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෝ දන වෙත නිරෝගී සුව පතා මිරිසවැටිය චෛත්‍ය අභියසදී පිරිත් සජ්ජායනාවක්  

Add comments

ලෝ දන වෙත නිරෝගී සුව ප්‍රාර්ථනා ගෙන එන පරිත්‍රාණ ධර්ම දේශනා මාලාව මිරිසවැටිය චෛත්‍ය අභියසදී ඊයේ රාත්‍රියේ ආරම්භ වුණා.

අති පූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රමුඛ රජයටත්, රට සුවපත් කරන සෞඛ්‍ය අංශවල සුව විරුවන්ටත්, ත්‍රිවිධ හමුදාවේ පොලීසියේ රණවිරුවන්ටත්, රටවාසි සහ ලෝවාසී ජනතාවටත් සෙත් පතා දින 7ක් අඛණ්ඩව මෙම  පිරිත් සජ්ජායනාව පැවැත්වෙනවා. අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස ස්වාමීන් වහන්සේ සහ රුවන්වැලි වෛත්‍යාරාමාධිකාරී නුවර කලාවිය ප්‍රධාන සංඝ නායක පුජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙනුයි  මෙම පිරිත් පිංකම සංවිධාන කර තිබෙන්නේ.

මිරිසවැටිය රජමහා විහාරාධිපති පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥාණතිලක ස්වාමීන් වහන්සේ   පිරිත් සජ්ජායනය මෙහෙයවනවා. ජනාධිපති කාර්යාලය,අග්‍රාමාත්‍ය කාර්යාලය, බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යශය ඇතුළු ආයතන ගණනාවක්ද මෙම සති පිරිත් දේශනාව සදහා  දායකත්වය ලබා දී තිබෙනවා. අමාත්‍ය නාමල් රාජපක්ෂ , රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, උතුරු මැද පළාත් හිටපු මහ ඇමති එස් එම් රංජිත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා.

උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ලංකාරාමාධිකාරී රාජකීය පණ්ඩිත පුජ්‍ය රළපානාවේ ධම්මජෝති ස්වාමින් වහන්සේ මෙහිදී අනුශාසනාවක් සිදු කලා. පිරිත් සජ්ජායනයට පෙර නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ජය කොන්තය තැන්පත් කල ස්ථානයේ පහන් දැල්වීම සිදු කලා.  මහා සංඝරත්නය වෙත දැහැත් වටිටයක් පිළිගැන්වීමෙන් අනතුරුවයි පිරිත් සජ්ජායනාව ආරම්භ වුණේ. පුරා දින 7ක් , පැය 24 පුරාවට මෙම පිරිත් සජ්ජායනාව මිරිසවැටිය ච්‍යෛරාජයාණන් අභියදී පැවැත්වෙනවා.

The post ලෝ දන වෙත නිරෝගී සුව පතා මිරිසවැටිය චෛත්‍ය අභියසදී පිරිත් සජ්ජායනාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG