කොරෝනා ප්‍රතිකාර සේවාවන්ට සහාය වෙමින් බොහෝ දෙනා තවදුරටත් විවිධ පරිත්‍යාගයන් සිදු කරනවා.
වැලිමඩ මූලික රෝහලේ පිහිටුවා ඇති කොරෝනා රෝගී ප්‍රතිකාර ඒකකය සදහා රෝහල් උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට කොළඹ තරුණ බෞද්ධ සංගමය පියවර ගත්තා. ඒ සදහා වැය කළ මුදල රුපියල් ලක්ෂ හයක් පමණ වනවා. මෙම අවස්ථාවට පූජ්‍ය වංගියකුඹුරේ සමිත ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයද කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ලේකම් මහේන්ද්‍ර ජයසේකර මහතා ඇතුළු පිරිසක්ද සහභාගී වුණා.
මහජන බැංකු විශ්‍රාමික සේවක සංගමයේ කළුතර ශාඛාව රුපියල් ලක්ෂ දහයක වටිනාකමකින් යුත් ඔක්සිජන් ටැංකි තොගයක් කළුතර මහ රෝහලට ලබා දුන්නා. මෙම සේවක සංගමයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
The post කොරෝනා ප්‍රතිකාර සේවාවන්ට සහාය වෙමින් බොහෝ දෙනාගෙන් විවිධ පරිත්‍යාග appeared first on ITN News.
Post a Comment