ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය ජාත්‍යන්තරයට රැගෙන යාමේ පුරෝගාමියා වූ ජාත්‍යන්තර මැණික් ව්‍යාපාරික කහවත්තේ ගුරුගේ මැණික් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත ජිනදාස ගුරුගේ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද සිදු කෙරෙනවා.
කහවත්ත ගුරුගේ මැණික් අධිපති ජිනදාස ගුරුගේ මහතා අභාවප්‍රාප්ත වන විට 83 වන වියෙහි පසු වුණා. 1950 දශකයේ දී මැණික් ව්‍යාපාරයට පිවිසි ඒ මහතා මැණික් ව්‍යාපාරිකයන්ගේ හා පතල්කරුවන්ගේ වෘත්තීය ගැටලු නිරාකරණය සදහා ලංකා මැණික් ව්‍යාපාරිකයන්ගේ හා පතල්කරුවන්ගේ මහා සංගමය බිහිකළ නිර්මාතෘවරයා ද වනවා. ප්‍රමුඛ පෙලේ සමාජ සේවකයකු වූ ඒ මහතා දුප්පතුන්ට මුදල් බෙදා දීම ආරම්භ කළා පමණක් නොව විහාරස්ථාන ගණනාවක්ද ගොඩ නගා තිබෙනවා. කහවත්තේ පොසොන් තොරණ වසර හැටක් තිස්සේ ප්‍රදර්ශනය කෙරුණේ ජිනදාස ගුරුගේ මහතාගේ අනුග්‍රාහකත්වයෙන්. රටවල් ගණනාවකට මැණික් අපනයනය කළ ඔහු ලොව වටිනාම නිල් මැණික් ගලක් මිලදී ගත් ව්‍යාපාරිකයෙකු ද වනවා. මැණික් පතල් හිමියෙකු සහ ජාත්‍යන්තර මැණික් ව්‍යාපාරිකයෙකු වූ ඔහු පසුව සංචාරක හෝටල් ක්ෂේත්‍රයට ද පිවිස තිබෙනවා. ඒ මහතා දියණියන් හත් දෙනෙකුගේ සහ පුතෙකුගේ පියෙක්.
ජාත්‍යන්තර මැණික් ව්‍යාපාරික කහවත්තේ ගුරුගේ මැණික් අධිපති අභාවප්‍රාප්ත ජිනදාස ගුරුගේ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද සවස 4.00 ට පවුලේ සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.
මේ අතර ශෝක පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මැණික් කර්මාන්ත ක්ෂේත්‍ර යේ ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයට ගෙන යාමට පුරෝගාමී වුවන් අතර ජිනදාස ගුරුගේ මහතාගේ නාමය ප්‍රමුඛතාව ගන්නා බව පවසනවා. ඔහු ව්‍යාපාරිකයෙකු ලෙස සිය අනන්‍යතාව ආරක්ෂා කර ගැනිමේ දී සමාජයීය වශයෙන් රටකට හිමි විය යුතු යුතුකම්ද අමතක කළේ නැති බවත් කීර්තිමත් ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස ඔහු ජනතාව අතර ප්‍රකට වූ බවත් ජනාධිපතිතුමා පවසනවා. එසේම ආබාධිත රණවිරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් ඉදිවූ අභිමංසල ව්‍යාපෘතිය සදහා ද ගුරුගේ මහතා දායක වූ බවයි ජනාධිපතිතුමා තවදුරටත් පවසන්නේ.
The post ජිනදාස ගුරුගේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද appeared first on ITN News.
Post a Comment