Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පැරා ඔලිම්පික් උළලේදී පාලිත බණ්ඩාරට 5වන ස්ථානය  

Add comments

ජපානයේ පැවැත්වෙන පැරා ඔලිම්පික් තරගාවලියේ පදක්කම් සටහනේ පෙරමුණ ගන්න චීනය සමත් වෙලා  සිටිනවා.

තරගාවලියේ ටී 63 කාණ්ඩයේ පිරිමි යගුලිය විසි කිරීමේ අවසන් තරගයට ශ්‍රී ලංකාවේ පාලිත බණ්ඩාර ද අද එක් වුණා. ඔහුට එහිදී හිමිවූයේ තරගයේ 5 වන ස්ථානයයි. එහිදී ඔහු දැක්වූ ඉහළම දක්ෂතාව වූයේ මීටර් දහතුනයි දශම හතරයි බින්දුවක දුරක්. එහි රන්  පදක්කම දිනාගත් බ්‍රිතාන්‍යයේ ඩේවිස් ඇලට් මීටර් පහලවයි දශම තුනයි තුනක දක්ෂතාවක් පෙන්නුම් කළා.

මේ වන විට රන් පදක්කම් 93 ක් රිදී පදක්කම් 56 ක් හා ලෝකඩ පදක්කම් 50 ක් ලබා චීනය පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටිනවා. රන්පදක්කම් 41 දිනාගෙන සිටින බ්‍රිතාන්‍යය දෙවන ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාවට පදක්කම් සටහනේ හිමිව ඇත්තේ 57 වන ස්ථානයයි.

 

 

The post පැරා ඔලිම්පික් උළලේදී පාලිත බණ්ඩාරට 5වන ස්ථානය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG