සදහිරු සෑයේ චූඩා මාණික්‍යය හා කොත් වහන්සේ තවදුරටත් කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර තිබෙනවා.
දින 43 ක් දිවයිනේ විවිධ ප්‍රදේශවල චූඩා මාණික්‍යය හා කොත් වහන්සේ රැගත් පෙරහර ගමන් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සිට කොත් වහන්සේ සහ චූඩා මාණික්‍යය පූජනීය ස්ථානයන්ට වැඩම කරනු ලැබුවේ සැදැහැවතුන්ට වන්දනාමාන කර ගැනීම සඳහායි.
කොත් වහන්සේ සහ චූඩා මාණික්‍යය මේ වන විට කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර තිබෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව ආගමික වතාවත් සිදු කිරීම ඊයේ පස්වරුවේ මෙන්ම අද උදෑසන ද සිදු කෙරුණා. 30 වසරක් පුරා සමස්ත සමාජයම භීතියට පත්කළ ත්‍රස්තවාදය පරාජය කිරීමේ මානූෂිය මෙහෙවරේදී දිවි කැපකළ මෙන්ම ආබාධ සහිත තත්ත්වයට පත්වූ රණවිරුවන්ට උපහාරයක් වශයෙනුයි සදහිරුසෑය ඉදි කෙරුණේ.
The post සඳහිරු සෑයේ චූඩා මාණික්‍යය හා කොත් වහන්සේ තවදුරටත් කළුතර බෝධි පරිශ්‍රයේ appeared first on ITN News.
Post a Comment