පඩු කරද ශාකය රතු දත්ත ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බව පරිසර අමාත්‍යංශය අවධාරණය කරනවා.
ශ්‍රී ලංකාවෙන් තුරන්ව ගිය ශාක පහක් 2012 දී පළ කරන ලද රතු දත්ත ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. ඉන් එකක් වන්නේ පඩු කරද ශාකයයි. කෙසේ වෙතත් අධිවේගි මාර්ගය ඉදි කිරීමේ දී මහත් ආන්දෝලනයට ලක්වූ මෙම ශාකය තවත් ස්ථාන කිහිපයකින් හදුනා ගැනීමත් සමග එය 2020 රතු දත්ත පොතට ඇතුළත් කිරීමට පියවර ගත් බවයි පරිසර අමාත්‍යංශය පවසන්නේ. එය වදවී ගිය ශාකයක් ලෙස නොව අවධානමට ලක්වූ ශාකයක් ලෙස තවදුරටත් රතු දත්ත ලැයිස්තුවට ඇතුළත්ව පවතිනවා. මේ අනුව පඩුකරද ශාකය 2020 රතු දත්ත පොතෙන් ඉවත් කර ඇති බවට ඇතැම් සමාජ මාධ්‍යවල පළ වන වාර්තා අසත්‍ය බව පරිසර අමාත්‍යංශය තවදුරටත් අවධාරණය කරනවා.
The post පඩු කරද ශාකය රතු දත්ත ලැයිස්තුවෙන් ඉවත් කර නැහැ appeared first on ITN News.
Post a Comment