මෙරට කණ්ඩායම් සංගීත කේෂ්ත්‍ර යේ විප්ලවීය වෙනසක් කළ ප්‍රවීණ සංගීතවේදී සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වුණා.
සුනිල් පෙරේරා මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි අද අළුයම ජීවිතක්ෂයට පත් වුණේ. මිය යන විට ඒ මහතා 68 වන වියේ පසු වුණා. කොරෝනා ආසාදිතව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ ඒ මහතා සුවය ලබා නිවස වෙත යාමෙන් පසුව යළි ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මීට දින තුනකට පෙර රෝහල් ගත වී තිබෙනවා. ඉන් පසුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඒ මහතා මිය ගියේ.
සිය පියා වූ ඇන්ටන් පෙරේරා මහතා පිහිටවූ ජිප්සිස් සංගීත කණ්ඩායමට 1969 වසරේ දී එක් වන සුනිල් පෙරේරා මහතා කණ්ඩායම් සංගීතයේ නව නිර්මාණ රැසකට දායකත්වය ලබා දුන්නා. අතීත, වර්තමාන පරම්පරා එක් කළ පාලමක් වූ මෙම කලාකරුවා ජාති,ආගම්, භේදයෙන් තොර සැබෑ මිනිසෙකු ලෙස ප්‍රකටයි. කුරුමිට්ටෝ ගීතය සමඟ ඔහු සිය පළමු කැසට් පටය නිකුත් කළේ 1980 වසරේ දී යි. ලොවේ සැමා එකම දැයේ , ලිද ළග සංගමය , නෝනේ මගේ සුදු නෝනේ , ලුණු දෙහි , ඕයේ ඔජායේ, අම්මා අම්මා මේ මට , පිටි කොටපන් නෝනේ , සිංඤෝරේ, අයි ඩෝන්ට් නෝ වයි මෙන්ම කොත්තමල්ලි ආදි පෙරළිකාර ගීත ඔස්සේ දෙස් විදෙස් රසික සිත් වසගයට ගන්නට ඔහු සමත් වුණා.
ප්‍රවීණ සංගීතවේදී සුනිල් පෙරේරා මහතාගේ අභාවය සම්බන්ධයෙන් සිය නිල ෆේස්බුක් ගිණුම්වල සටහනක් තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ශෝකය පළ කර තිබුණා.


බාල මහළු කොයි කවුරුත් ආදරය කළ සුනිල් පෙරේරා කලාකරුවාගේ නික්මයාම මෙරට ජනප්‍රිය ගීත කලාවට සදාකාලික අඩුවක් වනු ඇති.
The post ගායන ශිල්පී සුනිල් පෙරේරාගේ අභාවය වෙනුවෙන් ජනපති සහ අගමැති ශෝකය පළ කරයි appeared first on ITN News.
Post a Comment