කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඩලීමට පනවා ඇති නීති ඉවත් කළ යුතු බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩ්න් පවසනවා.
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයට හැර අනෙකුත් සියලු ප්‍ර දේශ සදහා පනවා ඇති වසා දැමීමේ නීති ලිහිල් කිරීමට එරට රජය පියවර ගත්තා. ඒ අනුව එම ප්‍ර දේශයන්හි පාසල් යළි විවෘත කිරීමට කාර්යාල හා ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට මෙන්ම පළාත් අතර සංචරණයට ද අවස්ථාව හිමි වනවා. පසුගිය පෙබරවාරි මාසයේ දී එරටින් වයිරස ආසාදිතයින් කිහිප දෙනෙකු එකවර හමුවන තෙක් කොරෝනා වයිරස ව්‍යාප්තිය සාර්ථකව මැඩ පැවැත්වූ රටක් ලෙස නවසීලන්තය හැදින්විය හැකියි. මේ වනවිටත් ඕක්ලන්ඩ් නගරය සති දෙකක කාලයක් සදහා වසා දමා ඇති අතර එය ලබන 14 වනදායින් අවසන් වනවා.
The post කොරෝනා මැඩලීමට පනවා ඇති නීති ඉවත් කළ යුතුයි – නවසීලන්ත අගමැති appeared first on ITN News.
Post a Comment