Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කෝටිපති ව්‍යාපාරිකයෙකුට අයත් නිවසක තිබී මත්පැන් තොගයක් සොයා ගැනේ – ව්‍යාපාරිකයා අත්අඩංගුවට  

Add comments

හොරණ ගෝනපොල පිටවල ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුට අයත් නිවසක නීති විරෝධි මත්පැන් පෙරන බවට ලැබුණු තොරතුරක් අනුව සිදු කළ වැටලීමකදී රහස් කාමරයක් තුළ තිබී මත්පැන් තොගයක් සොයා ගැනීමට මොරගහහේන පොලිසිය සමත් වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. මෙම වැටලිමේ දී නිති විරෝධි මත්පැන් ස්ප්‍රීතු මිලි ලීටර තිස් තුන් දහස් හත්සිය පනහක් බැරල් තුනක බහා තිබූ මත්පැන් මිලි ලීටර පනස් තුන් දහසක් සිලින්ඩරයක් , දගරයක් හා ගෑස් ලිපක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. වසර එක හමාරක පමණ කාලයක සිට මෙම ජාවාරම සිදුකර ඇති බවයි පොලිස් විමර්ශනවලදී හෙළි වුණේ. පිටත සිට බලන කිසිවෙකුටත් සැකයක් ඇති නොවන පරිදි මෙම රහස් කාමරය නිවසේ වහලය ආසන්නයේ සකස් කර තිබුණා. සැකකරු හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

The post කෝටිපති ව්‍යාපාරිකයෙකුට අයත් නිවසක තිබී මත්පැන් තොගයක් සොයා ගැනේ – ව්‍යාපාරිකයා අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG