Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලංකා හොස්පිට්ල්ස් වැසිකිළියේ බෝම්බය අටවන්න උපදෙස් දුන් පුද්ගලයා සොයා විමර්ශන  

Add comments

නාරාහේන්පිට ලංකා හොස්පිට්ල්ස්හි වැසිකිළියක බෝම්බය ඇටවූ සැකකරුට උපදෙස් දුන් පුද්ගලයා සොයා කණ්ඩායම් කිහිපයක් ඔස්සේ විමර්ශන සිදු කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසනවා.

මෙම රෝහලේ වැසිකිළියක බෝම්බයක් ඇටවූ පුද්ගලයා කඩිනමින්ම අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වුණා. ඒ අනුව දුරකතන දත්ත වාර්තාවලට අදාලව සහ සැකකරුගෙන් ලබාගත් ප්‍රකාශ පදනම් කර ගනිමින් අදාළ පරීක්ෂණ සිදු කෙරෙන බවයි පොලිසිය පවසන්නේ. බෝම්බය ඇටවූ සැකකරු යම් ත්‍රස්ත අවියකින් හෝ සංවිධානාත්මක අපරාධ කල්ලි මගින් ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය භාවිතය පිළිබද පුහුණුවක් ලැබූවේද යන්න සම්බන්ධයෙන් ද අවදානය යොමු කර තිබෙනවා.

සැකකරුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ අදාළ බෝම්බය පතරොම් කිහිපයකුත් සමග හමුවී ඇත්තේ කොළඹ හත විජේරාම මාවතේ පිහිටි ඇමති නිල නිවසක් අලුත් වැඩියාවකදී බවයි. එය කාල බෝම්බයක් ලෙස අටවා තැබුණේ අන්තර් ජාලයෙන් සහ සගරාවලින් ලබාගත් දැනුමෙන් බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ඒ සදහා ඔහුගේ මිතුරෙකු ද හවුල් වී ඇති අතර තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

 

 

The post ලංකා හොස්පිට්ල්ස් වැසිකිළියේ බෝම්බය අටවන්න උපදෙස් දුන් පුද්ගලයා සොයා විමර්ශන appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG