නවසීලන්තයෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අඩු වීමක් දක්නට ලැබෙන බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.
අද දිනයේ දී නවසීලන්තයෙන් හමුවී ඇත්තේ වයිරස ආසාදිතයින් විසි දෙනෙකු පමණයි. ඔවුන් සියලු දෙනා හමුවී ඇත්තේ ඕක්ලන්ඩ් නගරයෙන්. මේ වනවිට ඕක්ලන්ඩ් නගරයෙන් පමණක් හමුවී ඇති ඩෙල්ටා ප්‍ර භේදයේ ආසාදිතයින් සංඛ්‍යාව 801 ක්. සැප්තැම්බර් 13 වනදා දක්වා ඕක්ලන්ඩ් නගරය සම්පූර්ණයෙන් වසා දමා ඇති අතර පනවා ඇති නීති ලිහිල් කිරීම සම්බන්ධයෙන් හෙට දිනයේ දී තීරණයක් ගැනීමට නියමිතයි. ශීඝ්‍ර යෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදය පාලනය කිරීමට පනවා ඇති නව නීති හා සෞඛ්‍ය අංශයන්හි මැදිහත්වීම බලපා ඇති බවයි බලධාරීන් පවසන්නේ.
The post නවසීලන්තයේ දෛනික ආසාදිතයින් වාර්තාවීමේ අඩුවක් appeared first on ITN News.
Post a Comment