චීනයේ ජාතික ඖෂධ සංස්ථාව නිෂ්පාදනය කරන සයිනොෆාම් එන්නත වැඩිදියුණු කරමින් තවත් එන්නත් කිහිපයක් හදුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.
අලුතින් හදුනා ගැනෙන කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයන් සදහා ශක්තිමත්ව මුහුණ දීමට මෙම එන්නත්වලට හැකිවනු ඇති බවටයි සයිනොෆාම් නිෂ්පාදක සමාගම විශ්වාසය පළ කරන්නේ. එමෙන්ම එන්නත ලබා ගත් පුද්ගලයෙකු රෝගාතුර වුවහොත් සුවවීමේ කාලය වේගවත් වන බවද එම සමාගම සදහන් කරනවා. චිනයේ පැවති වෙළෙද සේවා සදහා වූ ජාත්‍යන්තර ප්‍රදර්ශනයේදී මෙම එන්නත් හදුන්වා දී තිබෙනවා. තාක්ෂණික ක්‍රමවේද තුනක් ඔස්සේ නිෂ්පාදනය කළ එන්නත් හතරක් මෙයට අයත් බවයි වාර්තා වන්නේ.
The post සයිනොෆාම් එන්නත වැඩිදියුණු කර තවත් එන්නත් කිහිපයක් හඳුන්වාදීමට පියවර appeared first on ITN News.
Post a Comment