Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාදිනල් හිමිගේ චෝදනාවට විදේශ කටයුතු ඇමතිගෙන් ප්‍රතිචාර  

Add comments

අග්‍රාමාත්‍යවරයා හා විදේශ අමාත්‍යවරයා තව නොබෝ දිනකින් ඉතාලියේ සංචාරයක නිරත වෙන්නේ පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණවල ප්‍රමාදය ගැන එල්ල වෙන චෝදනා යටපත් කිරීමට බව කාදිනල් හිමියන් චෝදනා කරනවා. නමුත් විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරන්නේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකට සහභාගි වීම සදහා මෙම සංචාරය සිදු කරන බවයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන විදේශ අමාත්‍යංශය පෙන්වා දෙන්නේ ඉතාලි අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකට සහභාගි වීම සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පිරිස් මහතා මෙසේ ඉතාලියේ සංචාරය කරන බවයි.

රටවල් රැසක සම්භාවනීය පිරිසක් ඊට එක් වනවා. ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ සමාරම්භක සැසි වාරයේ ප්‍රධාන දේශනයද අග්‍රාමාත්‍යවරයා පැවැත්වීමට නියමිතයි. යුරෝපයේ පැරණිතම අධ්‍යාපන මධ්‍යස්ථානයක් වන බොලොන්ගා විශ්වවිද්‍යාලයේ මෙය පැවැත්වෙනවා.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා ශුද්ධෝත්තම පාප් වහන්සේ හමුවීමට අවස්ථාවක් ලබාගෙන හෝ වතිකානුවට යෑමට මෙම සංචාරයේ දී සැලසුම් කර නැති බවද විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරනවා.

 

The post කාදිනල් හිමිගේ චෝදනාවට විදේශ කටයුතු ඇමතිගෙන් ප්‍රතිචාර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG