Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අපේ පැරාලිම්පික් ශූරයෝ අගමැති හමුවෙති (VIDEO/PHOTOS)  

Add comments

ටෝකියෝ නුවර සිංහ ධජය ළෙලදීමට සැලැස්වූ අපේ පැරාලිම්පික් ක්‍රීඩකයන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා.

මෙවර පැරාලිම්පික් තරගාවලියේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් තබමින් රන් පදක්කම දිනා ගත් දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත් සමිත දුලාන් කොඩිතුවක්කු මෙසේ අග්‍රාමාත්‍යවරයා හමු වුණා. එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රාහී ක්‍රීඩකයන්ට සුබ පැතුම් එක් කළා. මෙම ජයග්‍රහණයට මග පෙන්වූ පුහුණුකරුවන්, නිළධාරීන් ඇතුළු සියලු දෙනාටද අග්‍රාමාත්‍යවරයා ප්‍රණාමය පුද කළා.

රටට අභිමානයක් එක් කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් පුහුණුවීම් සදහා අවශ්‍ය කෙරෙන පහසුකම් අඛණ්ඩව සපයන බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. මෙවන් ජයග්‍රහණ ලබා ගැනීම සදහා සහයෝගය දෙන ක්‍රීඩා අමාත්‍යවරයාට මෙන්ම රජයටද ප්‍රණාමය පුද කරන බවයි ජයග්‍රාහී ක්‍රීඩකයන් එහිදී කියා සිටියේ.

තරුණ ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන නාමල් රාජපක්ෂ මහතා මෙරට ක්‍රීඩාව සැලැස්මකට අනුව දියුණු කිරීමට පියවර ගැනීම තුළින් ජයග්‍රහන පිළිබද අනාගත බලාපොරොත්තු තැබීමේ හැකියාව පවතින බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

 

The post අපේ පැරාලිම්පික් ශූරයෝ අගමැති හමුවෙති (VIDEO/PHOTOS) appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG