Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නව කෘෂි නීතිවලට විරෝධය පළ කරමින් උත්තර් ප්‍රාන්තයේ දී දැවැන්ත උද්ඝෝෂණයක්  

Add comments

ඉන්දීය රජය ඉදිරිපත් කර ඇති නව කෘෂි නීතිවලට විරෝධය පළ කරමින් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ දී දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධාන කර තිබෙනවා.

උද්ඝෝෂණය සදහා ලක්ෂ පහක පමණ ගොවීන් පිරිසක් සහභාගී වී සිටින බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. පසුගිය වසරේ නොවැම්බර් මස ආරම්භ වූ මෙම ගොවි උද්ඝෝෂණ මේ දක්වා ක්‍රියාත්මකයි. වැඩිම පිරිසක් සහභාගී වන උද්ඝෝෂණයද මෙය ලෙස ඉන්දීය මාධ්‍ය හදුන්වනවා. යෝජිත නව කෘෂි නීති හකුළා ගන්නා ලෙසයි ඉන්දීය ගොවීන් රජයට බලපෑම් කරන්නේ. බස් රථ හා ට්‍රැක්ටර් යොදා ගනිමින් ගොවීන් උද්ඝෝෂණය සදහා සහභාගී වී සිටින ආකාරය දක්නට ලැබුණා. කෙසේ වුවද ඉන්දීය රජය සදහන් කරන්නේ නව නීති මගින් ගොවීන්ට වැඩි නිදහසක් ලබා දි ඇති බවයි.

 

The post නව කෘෂි නීතිවලට විරෝධය පළ කරමින් උත්තර් ප්‍රාන්තයේ දී දැවැන්ත උද්ඝෝෂණයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG