රසායනික පොහොර වලින් තොරව කාබනික පොහොර භාවිතයෙන් වගා කටයුතු සිදු කිරීම සදහා රජය ගත් පියවරත් සමග බොහෝ පිරිසක් එක්ව සිටිනවා.
ගොවි ජනතාවට ගුණාත්මක භාවයෙන් යුත් උසස් තත්ත්වයේ කාබනික පොහොර ලබාදීමේ මධ්‍යස්ථාන කිහිපයක් ඌව පරණගම ප්‍ර දේශයේ පිහිටුවා තිබෙනවා. කාබනික ඝන පොහොර මෙන්ම දියර පොහොරද මෙහි නිෂ්පාදනය කෙරෙනවා. මෙම පොහොර නිෂ්පාදනාගාර රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ද ලක් වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය මහතා ද ඊට එක්ව සිටියා.
තේ වගාව සදහා සුදුසු කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් බොරලන්ද වංගිය කුඹුර ප්‍රදේශයේ ක්‍රියාත්මක වනවා. තේ වගාවට අවශ්‍ය නයිට්‍රජන් ප්‍රතිශතය වැඩි මෙම පොහොර නිෂ්පාදනයට දායක වී සිටින්නේ ඊ එම් ආර් බී ඒකනායක මහතායි. ඉදිරියේ දී එළවළු වගාව සදහා ද සුදුසු නයිට්‍රජන් ප්‍රතිශතයක් පවතින කාබනික පොහොර නිෂ්පාදනය තම අරමුණ බව ඒ මහතා පවසනවා.
මේ අතර කාබනික පොහොර යොදා ඉතා සාර්ථක ලෙස විහාරස්ථාන භූමියක පවත්වාගෙන යන ගෙවත්තක් පිළිබද තොරතුරු අපට වාර්තා වන්නේ ගාල්ලේ වැලිපත ප්‍ර දේශයෙන්. වැලිපත අතුරනන්දනාරාම විහාරස්ථාන භූමියෙහි මෙම සාර්ථක ගෙවත්ත දැක ගත හැකියි. විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේ පහලොස් නමක් ඒ සඳහා දායක වී සිටිනවා.
කාබනික පොහොර නිෂ්පාදනයට යොදා ගන්නා ග්ලිරිසිඩියා පැල 5000 ක් රෝපණය කිරීමේ වැඩසටහනක් රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ඒ පොලොන්නරුව අත්තනකඩවල ජයසිරිපුර වැව ආසන්න භූමි ප්‍ර දේශයේ දී යි. මෙම ප්‍ර දේශයේ ගොවීන් 405 දෙනෙකු අක්කරයකට කිලෝ පන්සිය බැගින් මේ වනවිට කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරනවා.
The post කාබනික පොහොර භාවිතයෙන් වගා කටයුතු කිරීමට බොහෝ පිරිසක් එක් වෙයි appeared first on ITN News.
Post a Comment