ලාංකේය නර්ථන ක්ෂේත්‍රයේ උන්නතියට ඉමහත් සේවයක් ඉටුකළ සම්මානලාභී නර්ථන ශිල්පියෙකු මෙන්ම ගුරුවරයකු වූ සයිමන් විලබඩගේ මහතා අභාවප්‍රාප්ත වුණා.
සබරගමුව පළාතේ අටකලං කෝරලයේ පුරන්වත්ත අම්මඩුව ග්‍රාමයේදී 1931 වසරේ දෙසැම්බර් 25 වනදා උපත ලැබූ විලබඩගේ මහතා මූලික අධ්‍යාපනය හැදෑරුවේ මාකදුර රජයේ විද්‍යාලයෙන්. සබරගමුව් සාම්ප්‍රදායික ගුරුවරයෙකු වූ යකුටුමුල්ලේ මොහොට්ටිහාමි කපුනිලමේතුමා යටතේ නර්ථන අධ්‍යාපනය හදාරා කුඩාකල සිට නර්ථනයට දක්ෂතා දැක්වූවා. වෘත්තියෙන් ගුරුවරයෙකු වූ ඒ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන අංශයේ නර්ථනය පිලිබද භාහිර කතිකාචාර්යවරයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.
මහනුවර දළදා පෙරහැරෙහි දක්ෂතම නර්ථන ශිල්පීන් උදෙසා පිදෙන ජනාධිපති සම්මානයෙන්ම දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලැබූ ඒ මහතා මෙරට නර්ථන ක්ෂේත්‍රය උදෙසා අමිල මෙහෙයක් ඉටුකළ නර්ථනාචාර්යවරයකු වනවා.
සයිමන් විලබඩගේ මහතා ඊයේ දිනයේ ජීවිත රගමඩලයෙන් සමුගන්නා විට 90 වන වියෙහි පසු වුණා.
The post සම්මානලාභී නර්ථන ශිල්පි සයිමන් විලබඩගේ මහතා අභාවප්‍රාප්ත වෙයි appeared first on ITN News.
Post a Comment