Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වසරකට පසු නවසීලන්තයෙන් කොරෝනා මරණයක්  

Add comments

වසරකට පසු නවසීලන්තයෙන් අද කොරෝනා මරණයක් වාර්තා වුණා.

නවසීලන්තයේ ඔක්ලන්ඩ් නගරයේ 90 හැවිරිදි කාන්තාවක් මෙලෙස ඩෙල්ටා වෛරසයට ගොදුරු වීමෙන් මිය ගිය බවයි නවසීලන්ත සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ. ගතවූ පැය 24 තුළදී ඔක්ලන්ඩ් නගරයෙන් නව කොරෝනා ආසාදිතයන් 20 දෙනෙක් හදුනාගෙන තිබෙනවා.

විශාල ජනගහණයක් වෙසෙන නවසීලන්තයේ ඔක්ලන්ඩ් නගරයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් මේ වන විටත් එම නගරය වසා දමා ඇති බවයි පැවසෙන්නේ.

නවසීලන්තයෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 3392 ක් වන අතර කොරෝනා මරණ සංඛ්‍යාව 27 ක් ලෙස දැක්වෙනවා.

 

 

 

 

 

The post වසරකට පසු නවසීලන්තයෙන් කොරෝනා මරණයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG