Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුද හමුදාව කළුතර බන්ධනාගාරයේ සීසීටීවී පද්ධතියක් සවිකරයි  

Add comments

ශ්‍රී ලංකා යුද හමුදාවේ තාක්‍ෂණික දැනුම හා ශ්‍රම දායකත්වයෙන් කළුතර බන්ධනාගාරයේ නව සීසීටීවී ආරක්ෂක කැමරා පද්ධතියක් සවි කර එය පසුගියදා බන්ධනාගාර බලධාරීන් වෙත භාර දෙන ලදී.

යුද හමුදා ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරල් අශෝක පීරිස්ගේ සහ තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චානක ප්‍රතාපසිංහගේ මඟ පෙන්වීම යටතේ 11 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ භට පිරිස් විසින් මෙම ව්‍යාපෘතිය සිදු කල බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

මෙම ආරක්ෂක කැමරා පද්ධතිය ස්ථාපනය කිරීම මඟින් බන්ධනාගාරයේ ආරක්‍ෂාව ශක්තිමත් කිරීම මෙන්ම ඇතුළත සහ යාබද ප්‍රදේශයේ සිදුවිය හැකි සියළුම නීති විරෝධී ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට හැකිවන බව යුද හමුදාව වැඩිදුරටත් පැවසීය.

The post යුද හමුදාව කළුතර බන්ධනාගාරයේ සීසීටීවී පද්ධතියක් සවිකරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG