Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 3,644ක්  

Add comments

ඊයේ (03) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 3644 දෙනෙකු හමුවීමත් සමඟ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4, 51401 ක් දක්වා ඉහළ ගියා.

ඒ අතරින් 60767 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 380166 ක්.

මේ දක්වා මෙරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 9806 ක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ඊයේ දිනය තුළ මෙරටදී පීසීආර් පරීක්ෂණ 12363 ක් සිදු කර ඇති අතර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 3709 ක් ද සිදු කෙරුණා.

කොරෝනාවට ගොදුරු වුණ පුද්ගලයින් වෛද්‍ය උපදෙස්වලින් තොරව විවිධ ඖෂධ භාවිතයෙන් වැළකී සිටිය යුතු බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා පෙන්වා දෙනවා.

The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 3,644ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG