Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ අන්තර්පාලන රජයක් පිහිටුවයි  

Add comments

තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ අන්තර්පාලන රජයක් පිහිටුවා තිබෙනවා.

අන්තර්පාලන රජයේ ප්‍රධානියා ලෙස මුල්ලා මොහොමඩ් හසන් නම් කර තිබෙනවා. ඔහු තලෙයිබාන් සංවිධානයේ ආම්භක සාමාජිකයෙක් ලෙස සැළකෙන අතර ජගත් සංවිධානයේ අසාදුගත ලේඛනයට අයත් පුද්ගලයෙක්. ඉස්ලාමීය එමිරේට්ස් රාජ්‍යය ලෙසයි තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානය හඳුන්වා ඇත්තේ. සමස්ත කැබිනට් ඇමති මණ්ඩලයටම අයත් වන්නේ පිරිමි පුද්ගලයින් පමණයි. ඔවුන් සියලු දෙනා තලෙයිබාන් සංවිධානයේ ජ්‍යෙෂ්ඨයින් වනවා. ඇමති මණ්ඩලයට පත් කර ඇති සිරජුදීන් හකානි ඇමෙරිකාවේ එෆ් බී අයි ආයතනය නම් කර ඇති අත්‍යවශ්‍ය පුද්ගලයින්ගේ ලැයිස්තුවටද අයත්.

 

 

 

The post තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ අන්තර්පාලන රජයක් පිහිටුවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG