ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ උතුරු කොරියාවට ලබා දුන් එන්නත් තොගයක් ප්‍රතික්ෂේප කිරීමට එරට නායක කිම් ජොන් උන් කටයුතු කර තිබෙනවා.
කොවැක්ස් වැඩසටහන යටතේ ලබාදුන් චීනයේ නිෂ්පාදිත සිනොවැක් එන්නත් මාත්‍රා මිලියන 2.7 ක් පමණ ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමටයි උතුරු කොරියා නායක කිම් ජොන් උන් තීරණය කර තිබෙන්නේ. දැඩි ලෙස එන්නත අවශ්‍යව ඇති වෙනත් රටකට එය ලබාදීමට පියවර ගන්නා ලෙස ඔහු දැනුම් දුන් බවයි යුනිසෙෆ් සංවිධානය පවසන්නේ.
කොරෝනා වෛරස් ව්‍යාප්තිය චීනයෙන් ආරම්භ වීමත් සමඟ කඩිනම්ව දේශසීමා වසා දැමූ රටවල් අතර උතුරු කොරියාව කැපී පෙනෙනවා.
මේ හේතුවෙන් උතුරු කොරියාවට කොරෝනා වෛරසයෙන් එල්ල වී ඇති බලපෑම අවම වුවද ආහාර හිඟය සහ ආර්ථික දුෂ්කරතා ඇතුලු ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
The post “එන්නත් අවශ්‍ය රටකට දෙන්න” WHO එන්නත් තොගය කිම් ජොන් උන් ප්‍රතික්ෂේප කරයි appeared first on ITN News.
Post a Comment