ලොව පුරා සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව විසිතුන් කෝටි හැට ලක්ෂය ඉක්මවා තිබෙනවා.
ගතවූ පැය 24ට හමුවී ඇති කොරෝනා වයිරස් ආසාදිතයින් සංඛ්‍යාව තුන්ලක්ෂ හතලිස් දහසකට ආසන්නයි. එමෙන්ම සිදුව ඇති මරණ සංඛ්‍යාව 4808ක්. ඒ සමඟම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 4,822,794 දක්වා ඉහළ ගියා. ඊයේ දිනයේ දී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ ඇමෙරිකාවෙන්. එම සංඛ්‍යාව හැත්තෑ තුන් දහසකට ආසන්නයි. වැඩිම මරණ සංඛ්‍යාව වන 883 සිදුව ඇත්තේ රුසියාවෙන්. ඒ සමඟම එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දෙලක්ෂ දස දහස ඉක්මවා ගියා.
The post ගතවූ පැය 24ට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඇමෙරිකාවෙන් වාර්තා වෙයි appeared first on ITN News.
Post a Comment