හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට ඇප ලබා දෙනවාද නැද්ද යන්න පිළිබද තීන්දුව අද ලබා දීමට නියමිතයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.
ඔහුගේ ඇප ඉල්ලීමට අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් හමුවේ අද කැදවීමට නියමිතයි. පසුගිය 21 වනදා ඔහුගේ නීතිඥවරුන් කළ ඇප ඉල්ලීම අද දින තෙක් කල් තැබුණා. ඒ අනුව අද දිනයේ දී ඇප ඉල්ලීම සලකා බැලීමට නියමිතව තිබෙනවා.
The post රිෂාඩ්ට ඇප දෙනවාද ? නැද්ද ? – තීන්දුව අද appeared first on ITN News.
Post a Comment