Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වල්පොල පියනන්ද හිමිගේ 78වන ජන්ම දිනයට ජනපතිගෙන් සහ රජයෙන් සුබපැතුම්  

Add comments

ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය වල්පොල පියනන්ද නායක ස්වාමීන් වහනසේගේ 78වන ජන්ම දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ ශ්‍රී ලංකා රජයේ සුබපැතුම් එක්කෙරුණා.

පූජ්‍ය වල්පොල පියනන්ද ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් ඇමෙරිකාවේ විහාරස්ථාන රැසක විශේෂ ආගමික වැඩසටහන් පැවැත්වුණා. ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර ධර්ම විජය විහාරස්ථානයේ දී ඖෂධ 108 කින් සමන්විත බුද්ධ පූජාවක් පැවැත්වුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යොමුකළ සුබපැතුම් පණිවුඩය ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස මහතා මෙහිදී ඉදිරිපත් කළා. වල්පොල පියනන්ද ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වැලිමඩ ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුලක් සදහා නව නිවසක් ඉදිකර දීමට ද කටයුතු කෙරුණා.

 

 

 

 

The post වල්පොල පියනන්ද හිමිගේ 78වන ජන්ම දිනයට ජනපතිගෙන් සහ රජයෙන් සුබපැතුම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG