Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බදුල්ල දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල තරුණයින් 30 දෙනෙකුට රැකියා  

Add comments

රජයේ රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල තරුණයින් 30 දෙනෙකු සදහා රැකියා ලබාදීම බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදුකෙරුණා.

මහියංගනය,  රිදීමාලියද්ද,  ගිරාදුරුකෝට්ටේ,  මාපාකඩවල ඇතුළු ප්‍රදේශ කීපයක තරුණයින් මේ සදහා තෝරාගෙන තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාස කීපයක ගම්මානවල ජනතාවට මුහුණදීමට සිදුව ඇති වන අලි තර්ජනය මැඩපැවැත්වීම සදහා අලි වැට ආරක්ෂාකර ගැනීමටයි මෙම පිරිස සේවය සදහා බදවා ගැනෙන්නේ.

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණා. බදවාගත් පිරිස ලබන සදුදා සිටම රාජ්‍ය සේවයට එක්කර ගැනීමට නියමිතයි.

 

 

 

The post බදුල්ල දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල තරුණයින් 30 දෙනෙකුට රැකියා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG