පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ 22 වැනි තරගය ලෙසින් සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද (28) පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 7.30ට තරගය ආරම්භ කිරීමට නියමිතයි.
දෙරට අතර ඉතිහාසයේ දෙපිළම මේ වන විට විස්සයි-20 තරග 16 කදී මුණ ගැසී තිබෙන අතර ඉන් දෙපිළම තරග 8 බැගින් ජය ලබා සම තත්ත්වෙයි පසුවෙති. ඒ අනුව අද තරගය ජය ගනු ලබන කණ්ඩායමට එම ජයග්‍රහණයන් අතර පෙරමුණ ගැනීමේ අවස්ථාව උදාවනු ඇත.
ආබාධයක් හේතුවෙන් මශීෂ් තීක්ෂණට බංග්ලාදේශයට එරෙහි තරගය මඟ හරුණු නමුත් අද (28) තරගයට සහභාගිවීම සඳහා ඔහු පූර්ණ සුවයෙන් සිටින බව පුහුණුකරු මිකී ආතර් සඳහන් කර සිටියි.
The post ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද appeared first on ITN News.
Post a Comment