Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ෆේස්බුක් සමාගම ලාභය ගැන පමණක් සිතා කටයුතු කරන බව එහි හිටපු සේවිකාවක් කියයි  

Add comments

ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවිය දරුවන්ට අහිතකර මෙන්ම ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කරන බව ෆේස්බුක් සමාගමේ හිටපු සේවිකාවක් සඳහන් කරනවා.

ෆේස්බුක් සමාගම සම්බන්ධයෙන් ඇය සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් ඇමරිකාවේ සෙනෙට් මණ්ඩලය ඉදිරියේදී ප්‍රශ්න කිරීම් සිදුවූ අවස්ථාවේ දී යි මේ බව සඳහන් කර ඇත්තේ. එහිදී ඇය තවදුරටත් පවසා ඇත්තේ ෆේස්බුක් සමාගම සමාජ ආරක්ෂාව නොව තම ලාබය පිළිබඳව පමණක් සිතා කටයුතු කරන බවයි. එමෙන්ම සමාජය ජාතීන් හා ආගම් බෙදා වෙන් කිරීමට ද එම සමාගමේ ක්‍රියාකාරකම් හේතුවන බවට ඇය චෝදනා කරනවා.

37 හැවිරිදි ප්‍රැන්සිස් හෝගන් නැමති මෙම කාන්තාව ෆේස්බුක් සමාගමේ නිෂ්පාදන කළමනාකාරවරියක් ලෙස සේවය කර තිබෙනවා. ෆේස්බුක් සමාගමේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් මේ වනවිට ලොව පුරා දැඩි විවේචන මතු වෙමින් පවතිනවා.  පරිශීලකයින්ගේ පෞද්ගලික දත්ත ආරක්ෂා නොකිරීම හා වැරදි තොරතුරු ප්‍රචාරය වැලැක්වීමට ඔවුන් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවටද චෝදනා එල්ල වනවා. එම සමාගමේ ක්‍රියාකාරකම් පරීක්ෂාවට හා නියාමනයට ලක් කළ යුතු බවයි සමාජ ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ.

 

 

 

 

The post ෆේස්බුක් සමාගම ලාභය ගැන පමණක් සිතා කටයුතු කරන බව එහි හිටපු සේවිකාවක් කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG